කොරියාවේ රැකියා අපේක්ෂිතයන් ගැන රජයේ අවධානය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

කොරියාවේ රැකියා අපේක්ෂිතයන් ගැන රජයේ අවධානය

කොරියාවේ රැකියා අපේක්ෂිතයන් ගැන රජයේ අවධානය

කොරියානු ජනරජයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා වන විභාග වලට පෙනී සිට ඉන් සමත් වූ පිරිස, කොවිඩ් 19 වසංගතය හේතු කොට ගෙන විදේශ ගත කිරීම ප්‍රමාද වූ බැවින් එම පිරිස කොරියානු රැකියා සදහා පිටත්කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා අමාත්‍යාංශයේ ලේකම් සමඟ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහල නිළධාරීන් විසින් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබෙනවා

 

එම සාකච්ඡාවේදී මේ පිළිබඳව කොරියානු ජනරජය සමඟ සාකච්ඡා කොට කණ්ඩායම් වශයෙන් කොරියාව සඳහා රැකියා ලාභීන් පිටත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත්, කොරියාව විසින් එරටට ගෙන්වා ගන්නා ශ්‍රමිකයින්ගේ අනුමත ලැයිස්තුව ලැබීමෙන් පසු එම ශ්‍රමිකයින් සදහා පිටත්වීමට පෙර ලබා ගතයුතු අනිවාර්යය පි සි ආර් පරීක්ෂණ හා නිරෝධායන අවශ්‍යතාවයන් රජය විසින් සිදු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා

 

කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද සම්බන්ධ කරගත් අතර විභාගය සමත් අය සදහා කඩිනමින් රැකියා අවස්ථා ලබාගැනීමට සහ රටට ඇතුල්වීමේ අවසර ලබාගැනීම පිළිබදව කොරියානු නියෝජිතයින් සමග තවදුරටත් සාකච්ඡා කර වැඩසටහනක් සකස් කරන ලෙස මෙහිදී අමාත්‍ය පියංකර ජයරත්න මහතා විශේෂ උපදෙස් ලබා දී තිබෙනවා

 

ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ මස 26 වන දින කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය සමඟ මේ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කිරීමටද කටයුතු යොදා තිබෙනවා

 

මෙම සාකච්ඡා ක්‍රියාමාර්ග තුලින් විභාගය සමත්ව කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ රැඳී සිටින 5438 ක් වන ලාංකික ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා සඳහා පිටත් කර යැවීම කඩිනම් කිරීමට කාර්යාංශය බලාපොරොත්තු වනවා විභාගය සමත්ව වෙබි අඩවියෙහි රැඳී සිටින පිරිසෙන් මේ වන විට 1111 කට වීසා සදහා අවශ්‍ය ලේඛන ද ලැබී ඇති බව සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණා.

 

 

views

681 Views

Comments

arrow-up