කෝටි 3ක ස්වර්ණාභරණ සමඟ 14ක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි දහනම ලක්ෂ හැත්තෑපන් දහස් එකසිය අසූවක් (3,19,75,180 ) ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් 14 දෙනෙකු ඊයේ (31දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අවුරුදු 30 ත් 50 ත් අතර වයස් වල පසුවන , කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල පදිංචි සිටින , ගුවන් මගින් කුළී පදනම මත ඉන්දියාවට ගොස් මෙරටට භාණ්ඩ රැගෙන එන්නන් පිරිසකි.
ඔවුන් 10/31 දින රාත්‍රී 7.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් විසින් ගෙනැවිත් තිබූ රෙදි තොග අතර සහ ඔවුන් හැද සිටි ඇදුම් වල තිබූ සාක්කු වල මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණා.
ඒ අතර මාල , මුදු , කරාබු සහ වළලු තිබූ අතර , ඒවායේ බර කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 700 ක් වන බවයි සඳහන් වන්නේ.
708 Views
Comments