අත්‍යවශ්‍ය ගැසට් පත්‍රය බාධාවක් නෙමෙයි - වරාය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

අත්‍යවශ්‍ය ගැසට් පත්‍රය බාධාවක් නෙමෙයි - වරාය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව

අත්‍යවශ්‍ය ගැසට් පත්‍රය බාධාවක් නෙමෙයි - වරාය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය වරාය වෘත්තීය සමිති ඒකාබද්ධව අාරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට කිසිදු බාධාවක් නොවන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පවසනවා.

 

එය කොරෝනා වසංගතයක් සමග සේවකයින් ගෙන්වාගැනීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයක් බවයි ඔහු කියා සිටින්නේ.

 

වෘත්තීය සමිති ඒකාබද්ධ ව ආරම්භ කළ කුරට වැඩ කිරීමේ ක්‍රියා මාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

 

"අපි වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් නෙමේ ආරම්භ කරලා තියෙන්නෙ... අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයක් ඒක නිසා අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රය කිසිසේත් බාධාවක් වෙන්නෙ නෑ අපේ වෘත්තිය ක්‍රියාමාර්ගයට....

 

අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රය මීට මාස කීපයකට කලින් තමයි කොවිඩ් වසංගතයක් සමග තමයි වරායට පැනෙව්වේ....

 

ඒනිසා ඒක වෘත්තිය ක්‍රියා මාර්ගයක් එක්ක බද්ධ වෙච්ච එකක් නෙවෙයි....

 

කොවිඩ් සම්බන්ධ කාල පරාසයේදී සේවකයින් වැඩට ගෙන්වාගැනීම සඳහා කරන එකක් මිසක..... මෙම කටයුත්තක් සේ අපි සලකන්නෙ නෑ.....‍

 

ඊට අදාළ කර ගත්තත් අපි වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ගෙන යනවා..... ඒකෙන් කිසි බාධාවක් වෙලා නෑ වරාය තුළ වරාය සේවකයින්ට....."

views

642 Views

Comments

arrow-up