මන්නා රමේෂ් අවි ආයුධ සමග අත්අඩංගුවට

තවත් අපරාධ කල්ලි නායකයෙකු වන මන්නා රමේෂ් නැමැති පුද්ගලයෙකු ගිනිඅවි සහ ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත විශේෂ වැටලීම් ඒකකය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
අවිස්සාවේල්ල ගුරුගල්ල හන්දිය ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගිනි අවියක් ජීව උණ්ඩ සහ අත්බෝම්බයක් මෙන්ම කඩු දෙකක් ද STF භාරයට ගනිමින්.
මන්නා රමේෂ් හෙවත් රමේෂ් ප්‍රියජනක අවිස්සාවේල්ල යාගල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.
839 Views
Comments