බඩු මල්ල වෙනුවට රුපියල් 10,000 ජනතාව අතට දෙන්නැයි සජිත් රජයෙන් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

බඩු මල්ල වෙනුවට රුපියල් 10,000 ජනතාව අතට දෙන්නැයි සජිත් රජයෙන් ඉල්ලයි

බඩු මල්ල වෙනුවට රුපියල් 10,000 ජනතාව අතට දෙන්නැයි සජිත් රජයෙන් ඉල්ලයි

කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රජය විසින් ලබාදෙන රු.10000 බඩු මල්ල වෙනුවට මුදලින් රුපියල් දස දහසක් ඔවුන් වෙත ලබාදෙන ලෙස සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

 

අද පාර්ලිමේන්තුවේ පැවැති කතාවේදී ඒ මහතා රජයෙන් මේ පිළිබඳ ඉල්ලීමක් කළා.

 

නිරෝධායන වන පවුල් නගර මැසිවිලි සැලකිල්ලට ගෙන මෙලෙස යෝජනාවක් ගෙන එන බවයි විපක්ෂනායකවරයා සඳහන් කර සිටියේ.

 

"නිරෝධායනය වන බල ප්‍රදේශවල මේ වන විට රජය ලබා දෙනවා රුපියල් දහදාහක භාණ්ඩ වල්ලක් මේ භාණ්ඩ මල්ල පිළිබඳ ගැටළු ගණනාවක් තිබෙනවා

අපි සම්බන්ධීකරණ කමිටු වල දී සාකච්ඡා කලත් ඊට පැහැදිලි ප්‍රතිචාර ජනතාවගේ පැත්තෙන් ලැබිලා නැහැ‍‍‍...

විශේෂයෙන්ම මං කියන්න කැමතියි දහදාහක බඩුමල්ලක් ගැන කිව්වට ඒකෙ තිබෙන්නේ ඇත්ත වශයෙන්ම 7000ක පමණ බඩු...

කඩල වල ගුල්ලෝ පරිප්පු කල් ඉකුත් වෙච්ච ඒවා....

බහුතරයක් අල කුණු වෙලා.... මැසිවිලි ගණනාවක් ජනතාවගෙන් ලැබිලා තිබෙනවා....

මම ඒ ලැබුන මැසිවිලි කිහිපයක් හැන්සාඩ් ගත කරනවා.... සභාගත කරනවා...

නූඩ්ල්ස් කිලෝ ග්‍රෑම් 5ක් ලැබෙනවයි කියලා ඇත්තෙන්ම ලැබෙන්නේ දෙකයි....

ඒ වගේම සෝයාමීට් පැකට් 5ක් ලබා දෙනවයි කියලා තුනයි ලැබෙන්නේ....

මම යෝජනාවක් කරනවා මේ ආකාරයට දහදාහක වටිනාකමකින් යුත් බඩුමල්ලක් වෙනුවට රුපියල් දහදාහ එම පුද්ගලයින්ට ලබා දෙන්නට කටයුතු කළොත් අවශ්‍ය ප්‍රමිතියට ප්‍රමාණවත් ලෙස ආහාර ටික ලබාගන්නට ඒ නිරෝධායනය වුණු ජන කොට්ඨාශ වලට පුළුවන්... "

 

views

850 Views

Comments

arrow-up