මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට - භාණ්ඩ බෑමට සිවිල් ආරක්ෂක බළකාය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට - භාණ්ඩ බෑමට සිවිල් ආරක්ෂක බළකාය

මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට - භාණ්ඩ බෑමට සිවිල් ආරක්ෂක බළකාය

පිටකොටුව මැනිං වෙළඳපොළ සඳුදා හෝ අඟහරුවාදා දින ඇතුලත යලි විවෘත කිරීමට අවශ්‍ය පියවර මේ වනවිට ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

 

ඔහු සඳහන් කරන්නේ මැනිං වෙළඳ පොළ පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භුමිප්‍රදේශයකට තාවකාලිකව රැගෙන යාමට කටයුතු කරන බවයි.

 

මැනිං වෙළෙඳපොළ පවත්වාගෙනයාමේ අවශ්‍යතාවයක් පවතින බවත් පසුගියදා සිදුකළ PCR පරීක්ෂණයකින් නටාමිවරුන් රැසකට කොවිඩ් ආසාදනය වී තිබෙන බවට හෙළිවීම හේතුවෙන් එය ප්‍රමාද වූ බව කියා සිටියා.

 

“කොළඹ ප්‍රදේශයට වගේ රටේ ප්‍රදේශ රැසකට එළවලු දේවල් බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයන් වලින් එකක් තමයි මේක.

 

අනිත් එක රටේ තියන නිෂ්පාදන අළෙවි කරගන්න ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් තියන තැන මෙතන. ඉතින් ඒ නිසා මෙතන මේක ආරම්භ කරන්නේ නැතුව තාවකාලිකව පෑලියගොඩ ප්‍රදේශයට ගිහිල්ලා මේ සතියේ සඳුදා හෝ අඟහරුවාදා වෙනකොට පටන් ගන්න” නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

 

එමෙන්ම මැනිං වෙළෙදපොලේ කටයුතු පෑලියගොඩ ප්‍රදේශයේ දී ආරම්භ කිරිමෙන් අනතුරුව දින 10 ක පමණ කාලයක් සඳහා සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් 100 දෙනෙකු භාණ්ඩ බෑමට සහ ලොරි රථ සඳහා පැටවීමට යොදා ගැනීමට ඊයේ දිනයේදී අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ සාකච්ජාවකදී තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා

 

 

views

1227 Views

Comments

arrow-up