ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට උපදෙස් මාලාවක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා විභාග දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ප්‍රශ්න පත්‍රය සඳහා ලබා දී තිබෙන කාලය පිළිබඳව, අපේක්ෂකයින් විභාග ශාලාවල අසුන් ගැන්වීම සම්බන්ධව, මෙවර ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම යනාදී කරුණු ගණනාවක් පිළිබඳව දැනුවත් කරමින් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.
ඉන් දෙමව්පියන් සඳහාත් උපදෙස් නිකුත් කර ඇති අතර විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතිව යා හැකි පරිදි පාසලෙන් ලබා දුන් උපදෙස් අනුව දරුවන් පාසැල වෙත රැගෙන යායුතු බව දැනුම් දෙයි.
තවද, දෙමව්පියන් විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුළු නොවිය යුතු බව සඳහන් වේ.
818 Views
Comments