දේශපාලනය අතහැර රනිල් අලුත් වැඩකට අත ගසයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

දේශපාලනය අතහැර රනිල් අලුත් වැඩකට අත ගසයි

දේශපාලනය අතහැර රනිල් අලුත් වැඩකට අත ගසයි

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගැනීම එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් මෙම ඉල්ලීම ඔහුගෙන් කරන ලද අවස්ථාවේ වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ පක්ෂය ඉදිරියට ගෙන යාමට තරුණ පිරිසක් පක්ෂය තුළ සිටින බවත් ඔවුන් වගකීම ඉටු කරනු ඇති බවත් ය.

ඒ නිසා දීර්ඝ කාලයක් දේශපාලන සිටි තමන් ඔවුනට අවස්ථාව දී තම පෞද්ගලික නිදහස භුක්ති විඳීමට සූදානම් බවද සඳහන් කර තිබෙනවා.

ගතවූ දශක කිහිපය පසුබිම් කරගෙන පොතක් ලිවීමට තමන් අදහස් කරගෙන සිටින බවද ඒ සඳහා දැනටමත් සූදානමින් සිටින බවද වික්‍රමසිංහ මහතා පවසා තිබුණා.

එනිසා ඉදිරියේදී කිසිදු වගකීමක් භාර ගැනීමට අදහසක් නැතැයිද ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා.

 

views

974 Views

Comments

arrow-up