තොරතුරු තාක්ෂණය විශය සංශෝධනය කෙරේ

පාසල්වල 8 ශ්‍රේණයෙන් ඉහළ ශ්‍රේණිවල සිසුන් සදහා තොරතුරු තාක්ෂණය විෂය මාලාව සංශෝධනය කිරීමට කටයුතු කර ඇත.
තොරතුරු තාක්ෂණය විෂය මාලාව සමග කෘතිම බුද්ධිය විෂය ධාරාවට හදුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම නියමු ව්‍යාපෘතිය මාර්තු 19 වැනිදා පාසල් 17 ක් සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
අධ්‍යාපන අමාත්‍යංශය සමග මයික්‍රොසොෆ්ට් ආයතනය එක්ව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දරුවන්ට දැනුම ලබා දීමට අපේක්ෂිත බව එම මහතා සදහන් කළේය.
ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සියවසක් පිරීම නිමිත්තේන් පැවති උත්සවයට සහභාගී වෙමින් මේ පිළිබදව වැඩිදුරටත් කියා සිටියේය.
219 Views
Comments