ගෙදර සිටි පුද්ගලික සේවකයින්ට පඩි දෙන ආකාරය තීරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

ගෙදර සිටි පුද්ගලික සේවකයින්ට පඩි දෙන ආකාරය තීරණය කරයි

ගෙදර සිටි පුද්ගලික සේවකයින්ට පඩි දෙන ආකාරය තීරණය කරයි

ලබන සතියේ සිට රට තුළ ඇති සෑම පෞද්ගලික ආයතනයක්ම සෞඛ්‍ය උපදෙස් වලට මුල් තැන දෙමින් විවෘත කොට පවත්වාගෙන යාමට, කොවිඩ්19 – වෛරසයෙන් මෙරට වැඩබිම් ආරක්ෂා කර ගැනීම සඳහා නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කෙරුණු විශේෂ ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක කමිටුව එකඟතාව පළ කළේය.

 

එම කාර්ය සාධක කමිටුවේ නියෝජිතයන් වන ලංකා සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා වෘත්තීය සමිති නියෝජිතයන් නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේදී රැස්වීමෙම එකඟතාවට එළැඹිණි.

 

නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී පැවැති මෙම ත්‍රෛපාර්ශවීය කමිටු රැස්වීමේදී පෞද්ගලික අංශයේ ආයතන වලට සහ ඒවායෙහි වැඩ කරන සේවක සේවිකාවන්ට බලපාන විශේෂ තීරණ රැසකට එළැඹිමට හැකි විය.

 

සියලු සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව රජයේ ප්‍රතිපත්තිය බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, ඒ අනුව, කොරෝනා හෙවත් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් කිසිදු සේවකයකු රැකියාවෙන් ඉවත් නොකිරීමට තීරණය විය. සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගනිමින් ආයතනික රාජකාරි කිරීමටත්, එහිදී අවශ්‍යතාව අනුව සේවා මුර ක්‍රමය භාවිත කිරීමටත් තීරණය කෙරිණි. සේවයේ යෙදෙන කාලය සඳහා සේවා ගිවිසුම් අනුව ගෙවිය යුතු නියමිත දීමනා සමග වැටුප් ගෙවීමටත්, සේවයේ යොදවන තෙක් (නිවසේ රැඳී සිටින කාලය සඳහා) මූලික වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14500/= ක් යන දෙකින් වැඩි ප්‍රමාණය ගෙවීමටත් තීරණය කෙරිණි. එසේම, EPF සහ ETF නිසි පරිදි තැන්පත් කිරීමට ද තීරණය කළේය.

views

631 Views

Comments

arrow-up