වතු සේවක දිනක වැටුප 1000 කට වැඩි නොකරන්නැයි ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

වතු සේවක දිනක වැටුප 1000 කට වැඩි නොකරන්නැයි ඉල්ලීමක්

වතු සේවක දිනක වැටුප 1000 කට වැඩි නොකරන්නැයි ඉල්ලීමක්

වතුකම්කරුවෙකුට දිනකට රුපියල් 1000 ක දීමනාවක් ලබාදිය නොහැකි අතර එම යෝජිත වැටුප් වැඩිකිරිම ක්‍රියාත්මක කිරිමෙන් වළකින්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා සේවක සම්මේලනය සඳහන් කරයි.

 


යෝජිත වැටුප් වැඩිකිරිම ප්‍රාදේශීය වතු සමාගම් වලට අනිවාර්ය කිරීම ලංකාවේ නීතියට පටහැනි වන අතර ඡාත්‍යන්තර කම්කරු සංවිධානයේ 98 වැනි සම්මුතියේ සඳහන් සාමුහික කේවල් කිරිම සිද්ධාන්තවලට පරස්පර වන බවද අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය.

 


ලංකා කම්කරු කොංග්‍රසය ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමය සහ ප්‍රාදේශීය වතු සමාගම් මේ වන විට සාමුහික ගිවිසුමකට අත්සන් තබා තිබෙන බවද එම ගිවිසුම 2021 වසරේ ජනාවාරි මාසය දක්වා බලපැවැත්වෙන බවද ලංකා සේවක සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා පැවසීය.

 

views

823 Views

Comments

arrow-up