පාඨලී හෙළ උරුමයෙන් එජාපයට - මීලඟ අපේක්ෂකත්වයට සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

පාඨලී හෙළ උරුමයෙන් එජාපයට - මීලඟ අපේක්ෂකත්වයට සූදානමක්

පාඨලී හෙළ උරුමයෙන් එජාපයට - මීලඟ අපේක්ෂකත්වයට සූදානමක්

ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මහතා නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බව වාර්තා වනවා.

 

ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙහි නිරත වීම සඳහා ඒ මහතාව තම පක්ෂයෙන් මුදා හැරීමට ජාතික හෙළ උරුමයේ දේශපාලන මණ්ඩලය ද තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

 

එක්සත් ජාතික පක්ෂ තුල පවතින අර්බුදය හේතුවෙන් චම්පික රණවක මහතාට එම පක්ෂයේ නායකත්වයට පත්වී මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාවක් ඇතිව තිබෙන බවද ජාතික හෙළ උරුමයේ ප්‍රබල යන අතර ද සාකච්ඡාවක් වෙමින් පවතී.

 

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි වීමත් සජිත් ප්‍රේමදාස මහතාගේ අසාර්ථකත්වයක් හේතුවෙන් විවර වී ඇති ඉඩකඩ අත නොහැරිය යුතු බව ද ඔවුන්ගේ මතයයි.

 

 

 

views

953 Views

Comments

arrow-up