අඩු පීඩන කලාපයක් ! - ධීවරයින්ට මුහුදු නොයන්නැයි උපදෙස්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාව වෙත නැවතත් අනතුරු ඇගවිමේ නිවේදනයක් නිකුත් කළා.
ප්‍රහාරාත්මක තද සුළං සහ තද වැසි ඇතිවීමත් මුහුදු ප්‍රදේශ වඩාත් රලු තත්ත්වයට පත්වීමේ අවදානමක් පැවතීමත් මීට හේතුවයි.
නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් මෙම අවදානම් සහිත තත්ත්වය නිර්මාණය වන බවද කාලගුණ නිවේදනයේ දැක්වුණා.
හෙට සිට ලබන 12 වැනිදා දක්වා කාලය සඳහා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
698 Views
Comments