MAR
13
රබර් වත්තකින් හමුවූ මළසිරුර

මාතර වැලිගම උඩුකාව ප්‍රදේශයේ රබර්වත්තක තිබී කැපුම් තුවාල සහිතව සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද (13) ප්‍රදේශවාසින් විසින් සොයාගෙන තිබේ.
වැලිගම පොලිස් නිලධාරින් සිදුකළ පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගලයාගේ කලිසම් සාක්කුවේ තිබී මුදල් හා මුදල් බැංකුගත කළ රිසිට් පතක් සොයා ගැනුණි.
මියගිය පුද්ගලයාගේ කකුලේ සහ පපු ප්‍රදේශයේ කැපුම් තුවාල තිබූ බවද වැලිගම පොලීසිය පැවසීය.
මෙම පුද්ගලයාගේ අනන්‍යඥතාව මෙතෙක් අනාවරණ වී නොමැත.
235 Views
Comments