මෙරට කොරෝනා ආසාදිතයින් සුවවීම ඉතා වේගවත්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

මෙරට කොරෝනා ආසාදිතයින් සුවවීම ඉතා වේගවත්

මෙරට කොරෝනා ආසාදිතයින් සුවවීම ඉතා වේගවත්

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සුවවන වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

‍දැනට රට තුළ පවත්වාගෙන යන ක්‍රමවේදය ලිහිල් කළ හොත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බවත් එම නිසා සාමාජ දුරස්ථබාවය පවත්වා ගැනිම සඳහා පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය තවදුරටත් පවත්වාගෙනයාම වැදගත් බවත් ඔහු පවසයි.

 

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වූවන් සොයා ගැනිමට අදාල පී.සී.ආර් පරික්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.

 

මේ වනවිට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 186 ක්. ඉන් හතලිස් දෙදෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා. මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 137 යි.

 

වෛරසය ආසාදනය වූ බවට සැක සහිත රෝගීන් 228 දෙනෙකු  රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

 

views

1390 Views

Comments

arrow-up