වැඩිම පිරිසක් එකවර සුවය ලැබීම අද - 1869ක් සුවය ලබා නිවසට

මෙරට කොරෝනා ආසාදිතව සිට වැඩිම පිරිසක් එකවර සුවය ලැබීම අද දිනයේ දී වාර්තා වනවා.
ඒ අද කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 1869 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 54,435ක් දක්වා ඉහළ ගියා.
මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 772 ක් වනවා.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 60,694 ක්.
දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ-බන්ධනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රිත ආසාදිතයින් 56,778ක් ලෙස වාර්තා වනවා.
දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 290 ක්.
621 Views
Comments