පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙයි

පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙයි

පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවට අදට (21) වසරක් සපිරෙනවා. ඉකුත් වසරේ අපේ‍්‍රල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන කිහිපයක සහ කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ හෝටල් කිහිපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලින් 250 කට වැඩි පිරිසක් මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

 


එම ප‍්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිපත් කරමින් අද උදෑසන 08.45 ට පහන් දල්වා විනාඩි 02 ක නිහඩතාවයක් පවත්වන ලෙසයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

 


මෙම ප‍්‍රහාර මාලාව පිටුපස සිටි පිරිස උත්සාහ කළ රට තුළ ආගම් අතර ගැටුමක් නිර්මාණය කිරීමේ උත්සාහය මෙරට ජනතාව ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව පරාජය කළ බව පාස්කු ඉරුදින බෝම්බ ප‍්‍රහාරයේ වර්ෂ පූර්ණ අනුස්මරණය වෙනුවෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිකුත් කළ විශේෂ පණිවුඩයක සඳහන්. 

 


මෙම ප‍්‍රහාරය පිටුපස සිටි පිරිස හෙළිකරගෙන ඔවුන්ට නීතියෙන් දඬුවම් ලබා දීම මෙවැනි තත්ත්වයන් නැවතත් ඇති වීම වැළැක්වීමට අත්‍යාවශ්‍ය කරුණක් බවයි කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ.

 


පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ, ආබාධිත තත්ත්වයට පත් වූ සියලූදෙනා තමන් අදහන ආගමට අනුව සිහිපත් කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සියලූම ශී‍්‍ර ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියා.

 

අග‍්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට වසරක් සපිරීම වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. 

 

views

881 Views

Comments

arrow-up