විදේශගතව සිටි ලාංකිකයින් 401දෙනෙකු මෙරටට පැමිණෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

විදේශගතව සිටි ලාංකිකයින් 401දෙනෙකු මෙරටට පැමිණෙයි

විදේශගතව සිටි ලාංකිකයින් 401දෙනෙකු  මෙරටට පැමිණෙයි

විවිධ රැකියා සදහා විදේශගත වී සිටි ශ්‍රී ලාංකිකයන් 401 දෙනෙකු ඊයේ දින රාත්‍රී සහ අද දින අලුයම ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

 

ඊයේ දින රාත්‍රී 11.12 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ඩුබායි හි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK – 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

 

මේ අතර ජනාධිපතිතුමාගේ විශේෂ නියෝගය මත මෙරටට ගෙන්වා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් අසරණ වී ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු අද දින අලුයම 5.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

 

මීට අමතරව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා වල සේවය කිරීම සදහා අප්‍රිකාවේ විවිධ රටවලට ගොස් සිටි ශ්‍රී ලංකා යුධ හමුදාවේ 76 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් ද අද දින අලුයම 3.57 ට ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපළේ සිට පැමිණි ඉතියෝපියානු ගුවන් සේවයේ ඊ.ටී.- 8804 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

 

මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායනය කිරීම සදහා රැගෙන ගොස් ඇත.

 

 

views

712 Views

Comments

arrow-up