ඩොලර් 365 ක මුදලක් අවභාවිතා කිරීම ගැන ෆින්ලන්ත අගමැතිවරියට එරෙහිව පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

ඩොලර් 365 ක මුදලක් අවභාවිතා කිරීම ගැන ෆින්ලන්ත අගමැතිවරියට එරෙහිව පරීක්ෂණ

ඩොලර් 365 ක මුදලක් අවභාවිතා කිරීම ගැන ෆින්ලන්ත අගමැතිවරියට එරෙහිව පරීක්ෂණ

පින්ලන්ත අගමැතිනි සාන්නා මැරීන් මහත්මිය සිය පවුලේ සාමාජිකයන් සමඟ අග්‍රාමාත්‍ය නිල නිවසේ දී ගන්නා ලද උදෑසන ආහාර වේල සඳහා වැය වූ ඩොලර් 365 ක මුදලක් එනම් ආසන්න වශයෙන් රුපියල් 70,000 කට වැඩි මුදලක් රජයේ මුදල්වලින් නැවත ලබාගැනීමට උත්සාහ කර තිබෙන බව ෆින්ලන්ත ටැබ්ලොයිඩ් පුවත්පත විසින් හෙළිදරව් කර තිබෙනවා.

 

මෙම හෙළිදරව් කිරීමත් සමග එරට අග්‍රාමාත්‍යවරියට එරෙහිව පරීක්ෂණයක් රජය විසින් ආරම්භ කර තිබෙන බවද වාර්තා වනවා.

 

කෙසේ නමුත් මෙය සම්බන්ධයෙන් ෆින්ලන්ත අගමැතිනි සන්නා මැරීන් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ එම ක්‍රියාව නීති විරෝධී ක්‍රියාවක් නොවන බවයි. තමාට පෙර පින්ලන්තයේ සිටි අග්‍රාමාත්‍යවරුන් ද එම වරප්‍රසාදය ලබා ගෙන ඇති බව ඇය ප්‍රකාශ කළා.

 

එරට නීති විශාරදයන් පෙන්වා දෙන පරිදි අගමැතිවරියට රජයේ ගිණුම් හරහා මෙවැනි ගෙවීම් යළි ප්‍රතිපූර්ණය කිරීමේ හැකියාවක් නොමැත. කෙසේ නමුත් මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

views

920 Views

Comments

arrow-up