ඉන්දීය අගමැති මෝදිගෙන් ජනපති රනිල්ට ලිපියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

ඉන්දීය අගමැති මෝදිගෙන් ජනපති රනිල්ට ලිපියක්

ඉන්දීය අගමැති මෝදිගෙන් ජනපති රනිල්ට ලිපියක්

යෝගා ව්‍යායාම ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව යෝගා දිනය සැමරීම සඳහා එක්වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් එවමින් ඉල්ලා තිබේ.

 

සෑම වසරකම ජුනි 21 වන දින සමරනු ලබන ජාත්‍යන්තර යෝගා දිනය ගෝලීය සංස්කෘතික දින දර්ශනයේ වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාවක් ලෙස ආරම්භ වූ මෙම යෝගා සැමරුම මේ දශකයේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන ගෝලීය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇතැයි ද නරේන්ද්‍ර මෝදි මහතා ජනපතිට එවූ ලිපියේ සඳහන් කර තිබේ.

 

පුරාණ ඉන්දියානු උරුමයක් වන යෝගා අද ලෝකයේ සියලුම සංස්කෘතීන් සහ සියලුම මහාද්වීප විසින් වැළඳගෙන තිබෙන්නේ යැයිද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.

 

ශ්‍රී ලාංකික ජනතාව අතර යෝග ප්‍රවර්ධනය කිරීම මෙන්ම මෙම වසරේද ජාත්‍යන්තර යෝගා දින සැමරුම් සාර්ථක කර ගැනීම සඳහා ගෞරවනීය සහයෝගය දිගටම බලාපොරොත්තු වන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

views

173 Views

Comments

arrow-up