කොරෝනා ආසාදනය වූ මෙරට වයස්ගතම රෝගියා සුවය ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

කොරෝනා ආසාදනය වූ මෙරට වයස්ගතම රෝගියා සුවය ලබයි

කොරෝනා ආසාදනය වූ මෙරට වයස්ගතම රෝගියා සුවය ලබයි

මෙරට කොරෝනා වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි වයස්ගතම කාන්තාව සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

 

මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුවූ එම කාන්තාවගේ වයස අවුරුදු 94ක්. ඇය ප්‍රතිකාර ලැබුවේ අංගොඩ IDH රෝහලෙයි.

 

වැලිකන්ද රෝහලෙදී අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් මීට මාසයකට පමණ පෙර එම කාන්තවඅංගොඩ IDH රෝහලට මාරු කර යවා තිබෙනවා.

 

කායික රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය සඳහන් කරන්නේ ඇයට අධික පාචන තත්ත්වයක් තිබුණු බවත් ඇයගේ වයස නිසාත් ඇය වෙනුවෙන් සෑහෙන වෙහෙසක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දරන්නට සිදුවූ බවයි.

 

අද දින ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 28 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 1020 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

views

1080 Views

Comments

arrow-up