ඊයේ වාර්තා වූ රෝගීන් 20 දෙනා ගැන තොරතුරු

ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වු බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.
අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ්-19 ආසාදිතයින් 20 දෙනාගෙන් 18 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව වාර්තා වෙයි.
අනෙක් දෙදෙනොගෙන් එක් ආසාදිතයෙකු නාවික හමුදා සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයෙකු වන අතර අනෙක් ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සිටි අය බව වාර්තා වෙයි.
මේ අතර කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 469 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවෙන් අඩක් පමණ නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වෙයි.
රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ එම පිරිස අතරින් 52 දෙනෙකු ඊයේ දිනය වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණි.
මෙරට සමස්ත ආසාදිතයින් 889 දෙනාගෙන් 366 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 514 ක් වෙයි.
1091 Views
Comments