රන්ජන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග නිකුත් කර තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා වෙතයි නීතිපතිවරයා මෙම දැනුම් දිම සිදුකර තිබුණේ.
රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන හඩපට සිද්ධියත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුවයි ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග නිකුත් කළේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ද අද (14) පෙරවරුවේ පියවර ගැනුණා.
761 Views
Comments