විදෙස් ගුවන්තොටුපළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, විවිධ රටවල ගුවන් තොටුපළවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 14 දෙනෙකු ඊයේ (11) දින රාත්‍රියේ සහ අද (12) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් අතරින් 09 දෙනෙකු සිංගප්පූරු ගුවන් තොටුපළේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් වූ අතර ඔවුන් ඊයේ දින රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
එසේම අද දින අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
674 Views
Comments