දැඩි සත්කාරයේ සිටින්නේ එක් රෝගියෙකු පමණයි - මෙරට කාෙරෝනා රෝගීන් සුව වීම වේගවත්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වන විට සුවය ලබා රෝහල්වලින් පුද්ගලයින් 47 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.
මේ වන විට කොළඹ ජාතික උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටින්නේ එක් රෝගියෙකු පමණක් බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම යම් සතුටුදායක මට්ටමක මේ අවස්ථාවේ තිබුණද වෛරමය මෙරටින් තුරන් කිරීම සඳහා සමාජයේ සියළුම දෙනා තවදුරටත් කැපවීම අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ තවත් 37 දෙනෙකු අද ඔවුන්ගේ ගම්බිම් බලා පිටත් කර යවා තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් කිහිපදෙනෙකු සැරිසැරූ ප‍්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
10739 Views
Comments