ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට පැසසුම්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට පැසසුම්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට පැසසුම්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් 19 වයිරසය පිළිබඳ මාසික ගොලීය තත්ත්ව වාර්තාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමේ වැඩපිළිවෙළ ප්‍රසංසාවට ලක් කර තිබේ.

 

ජනාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පාලනයට ගෙන ඇති පියවර ප්‍රශස්ථ බව එහි සඳහන් කර ඇත.

 

මෙම වාර්තාවේ පරමාර්ථය වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් කොවිඩ් 19 වයිරසය පැතිරීමට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳ නිසි දත්ත වාර්තාවක් ලබා ගැනීමයි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘ශක්තිමත් නායකත්වය’ සමග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික මගපෙන්වීම් අනුව ඒකාබද්ධව කොවිඩ් 19 වසංගත වැළැක්වීමට ශ්‍රී ලංකාව වේගවත්, තීරණාත්මක සහ සංවිධානත්මක පියවර ගැනීම හේතුවෙන් රට තුළ වසංගතය මර්දනය වී ඇතැයිද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

 

 

views

801 Views

Comments

arrow-up