“මේ ආණ්ඩුව මෝඩ ආණ්ඩුවක්..කොමිස් ගහනවා”- රතන හිමි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

“මේ ආණ්ඩුව මෝඩ ආණ්ඩුවක්..කොමිස් ගහනවා”- රතන හිමි

“මේ ආණ්ඩුව මෝඩ ආණ්ඩුවක්..කොමිස් ගහනවා”- රතන හිමි

ඕස්ට්‍රේලියානු කිරි ගවයින් 2500ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අයිතිය තීරණය කර ඇත්තේ කොමිස් ගැසීමේ උවමනාව මතම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ සඳහන් කරනවා.

 


ඕස්ට්‍රේලියානු කිරි ගවයන් මෙරට බොහෝ ප්‍රදේශවල ඇති කිරීමට නොහැකි බවද පවසන උන්වහන්සේ රුපියල් කෝටි ගණනක් වැය කරමින් මෙම කටයුත්ත සිදු කරන්නේ කොමිස් ගැසීම සඳහාම පමණක් යැයිද කියා සිටිනවා.
ලංකාවට ගැලපෙන්නේ ඉන්දියානු පකිස්ථාන අප්‍රිකානු සහ බ්‍රසීල වර්ගවල කිරි ගවයන් බවද උන්වහන්සේ සඳහන් කරනවා.

 


මේ ආණ්ඩුව මහ මෝඩ ආණ්ඩුවක් බවත් කොමිස් ගැසීමට තියෙන උවමනාව නිසා කරන ජාතියකට කරන මේ අපරාධ හේතුවෙන් හෙන ගහනවා යැයි ද උන්වහන්සේ සඳහන් කළා.

 


රතන හිමියන් මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 

views

821 Views

Comments

arrow-up