මුඛ ආවරණ ගිනි තබා විනාශ කර ෆාමසියට මුද්‍රා තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

මුඛ ආවරණ ගිනි තබා විනාශ කර ෆාමසියට මුද්‍රා තබයි

මුඛ ආවරණ ගිනි තබා විනාශ කර ෆාමසියට මුද්‍රා තබයි

කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිව  සිටි කොරෝනා ආසාදිත කාන්තාවගේ දෙවැනි පුත්‍රයා තවත් පුද්ගලයෙකු සමග පැමිණ කොහුවල සරණංකර පාරේ ෆාමසියක ට විකිණීමට භාරදී තිබූ මුඛ ආවරණ 550 ක් ගිනි තබා විනාශ කර එම ෆාමසියට මුද්‍රා තැබූ බව කොහුවල පොලිසිය කියයි.


 ෆාමසි හිමිකරු එහි සේවය කරන ඖෂධවේදීන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට ලක් කළ බව  පොලිසිය කියයි. 



ඉකුත් 5 වෙනි දින මෙම මුඛ ආවරණ තොගය එම පුද්ගලයන් දෙදෙනා ෆාමසියට රැගෙනවිත් තිබූ බව පොලිසිය සඳහන් කරයි . 



ඒ පිළිබඳ ලද තොරතුරු අනුව දෙහිවල- ගල්කිස්ස මහජන සෞඛ්‍ය පරීක්ෂක  වරු සමග අදාළ ෆාමසිය වෙත ගොස් මුඛ  ආවරණ පොලිස් භාරයට ගත් බවත් ඒ වන විට එම මුඛ ආවරණ තොගයෙන් එක් මුඛ ආවරණයක් හෝ විකිණී නොතිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත .



මුඛ  ආවරණ රැගෙන ආ වාහනේ රියදුරු ලෙස සිට ඇත්තේ එම කාන්තාවගේ දෙවෙනි  පුත්‍රයා බවත් විමර්ශන වලදී  හෙලි වී ඇත. 



නිරෝධායනයට  ලක් කළ පිරිස වැල්ලවත්ත සහ කළුබෝවිල පදිංචිකරුවන් ය .

 

කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්.හැරිසන් මහතා පරීක්ෂණ පවත්වයි.

views

1059 Views

Comments

arrow-up