කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය විෂබීජහරණයට ලක් කරයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය විෂබීජහරණයට ලක් කරයි (PHOTOS)

කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය විෂබීජහරණයට ලක් කරයි (PHOTOS)

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් යටතේ වැඩසටහන් කිහිපයක් ඊයේ  (19) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  පවැත්වීමට කටයුතු කළා.

 

මෙහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් දෛනිකව මහජනතාව විශාල වශයෙන් ගැවසෙන ‍කොළඹ කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් එක් වැඩසටහනක් ක්‍රියාත්මක කළා.

 

එහිදී දුම්රිය ස්ථානයේ සියලුම පරිශ්‍රයන් ආවරණය වන පරිදි විෂබීජ හරණ  කටයුතු සිදු කළා. මෙහි තවත් එක් වැඩසටහනක් කොළඹ නැවි තඨාකාංගනයේ පාලන අධිකාරියේ ඉල්ලීමකට අනුව එම ආයතන පරිශ්‍රය තුළ සිදු කරන ලද අතර, ආයතනයේ කාර්යාල පරිශ්‍ර, වැඩබිම් සහ සේවකයින් ගැවසෙන අනෙකුත් ස්ථාන විෂබීජ හරණය නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කරන කළා.

 

තවද, මෙම කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙවැනි විෂබීජ හරණ වැඩසටහන් ඉදිරියටත් සිදු කිරීමට නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිනවා.

 

 

views

727 Views

Comments

arrow-up