රටවල් තුනකින් ලංකාවට ඇතුල්වීම තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

රටවල් තුනකින් ලංකාවට ඇතුල්වීම තහනම්

රටවල්  තුනකින්   ලංකාවට ඇතුල්වීම තහනම්

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් සඳහා රටට ඇතුලත් කර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා.

 


කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා මෙම පියවර ගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටියේ.

 


දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණීමට නියමිත අවසන් ගුවන් යානය හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
කෙසේ වුවත් මෙම තහනම අද සිට ක්‍රියාත්මක බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ.

 

views

1489 Views

Comments

arrow-up