පාඨලී අද අධිකරණයට

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට ඇප ලබා දෙන්නේද? නැද්ද? යන්න නියෝගය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (24) දැනුම්දීමට නියමිතව තිබෙනවා.
රාජගිරිය ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත්දා නියෝග කළේ.
රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරිම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලායාමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනිමට නීතිපතිවරයා පොලීසියට ඉකුත්දා උපදෙස් ලබා දී තිබුණා.
පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයින් ඔහුට ඇප ලබා දෙන ලෙස මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබුණා. එහිදී අධිකරණය දැනුම් දුන්නේ ඇප ඉල්ලීමට අදාල නියෝගය පසුව ලබා දෙන බවයි.
ඒ අනුව ඇප ඉල්ලීමට අදාළ නියෝගය අද ලබාදීමට නියමිතව තිබෙනවා.
968 Views
Comments