නුවර කොළඹ මාර්ගයේ මංතීරුවක් වසා දැමේ

කොළඹ මහනුවර මාර්ගයේ (A01) නව කැළණි පාලම අසල සිට කොළඹ දෙසට රථවාහන ඇතුළුවන මංතීරු දෙකෙන් එකක් අද (17) පෙරවරු 6.00 සිට තාවකාලිකව වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
කොළඹ දෙසට රථවාහන ඇතුළුවන මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් සිදුවන මාර්ග තදබදය අවම කරගැනීම සඳහා පොලිසිය සමඟ එක්ව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව රථවාහන සැලැස්මේ පෙරහුරුවක් ලෙස අද මෙම මංතීරුව වසා දැමෙන බව ඉදිකිරීම් කටයුතු භාර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා දර්ශිකා ජයසේකර මහත්මිය සඳහන් කළාය.
මෙහිදී කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවෙන් සැහැල්ලු වාහන සහ බස් රථ පමණක් කොළඹ දෙසට පැමිණීම සඳහා විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළ හැකිය.
කන්ටේනර් හා ලොරි රථ ඇතුලු බරවාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස කොළඹ මීගමුව (A03) මාර්ගය භාවිතා කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
627 Views
Comments