මෙරට ගවයින් අතරත් වෛරස් රෝගයක් !

මෙරට ගවයින් අතර පැතිර යන වෛරස් රෝගයක් පිළිබඳ තොරතුරු පොලොන්නරුව අනුරාධපුර මහනුවර ඇතුළු වූ ප්‍රදේශ කිහිපයකින් වාර්ථා වනවා.
කිරි ගවයින්ගේ සමෙහි තුවාල සහ ගැටිති හටගැනීම උණ ඇතිවීම මෙම වෛරස් රෝගය ආසාදනය වීමෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණයි.
ඊට අමතරව නාසය සහ ඇස් වලින් ශ්‍රාවය පිටවීම ගවයින් ආහාර නොගෙන සිටීම කිරි නිෂ්පාදනය සීඝ්‍රයෙන් පහළ යාම ආදිය ද දැකගත හැකියි.
මෙම රෝගය මැස්සන්ගෙන් පැතිර යන බවයි පොලොන්නරුව පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා සඳහන් කළේ.
ලම්පි ස්කින් ඩිසීස් නමින් මෙම රෝගය හඳුන්වන බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අංශය භාර වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා කියා සිටියා.
පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම රෝගය පළමු වරට මෙරටෙන් හඳුනාගත් අතර ලේ උරාබොන මැස්සන් ගෙන් බෝවන මේ ශ්‍රී ලංකාවට ආගන්තුක රෝගයක්.
මේ සඳහා දැනටමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
783 Views
Comments