පිඟානක් පෙන්නා බෝගම්බරින් පනින්න ගිය 11කට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

පිඟානක් පෙන්නා බෝගම්බරින් පනින්න ගිය 11කට වැඩ වරදී

පිඟානක් පෙන්නා බෝගම්බරින් පනින්න ගිය 11කට වැඩ වරදී

පැරණි බෝගම්බර බන්ධනාගාරය තුළදී කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් 11 දෙනෙකු දැඩි ආරක්ෂිත රැකවල් යටතේ රැඳවීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ, අදාළ රැඳවියන් සිය දෙපාර්තමේන්තුවේ ත්‍රිපුද්ගල විනිශ්චය මඩුල්ල හමුවට ඉදිරිපත් කර, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.

මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවියන් 11 දෙනෙකු පෙරේදා පැරණි බෝගම්බර බන්ධනාගාරයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලා යාමට උත්සහ දරා තිබේ.

ඒ සිය ඇලුමිනියම් පිගාන තියුණු ආයුධයක් සේ සකස් කර, බන්ධනාගාර නිලධාරියෙකු බිය වද්දමිනි.

එහිදී ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරියා රැඳවියන් සමග පොරබැද ඇති අතර, තත්ත්වය පාලනය සඳහා සෙසු නිලධාරීන් ද, ක්‍රියාත්මක වී තිබේ.

බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ, එම අවස්ථාවේ ආරක්ෂිත මුර කුටිවල සිටි නිලධාරීන් අහසට වෙඩි තැබිමක් ද සිදුකර ඇති බවයි.

රැඳවියන් සමඟ පොර බැදීමෙන් සුළු තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයා රෝහල්ගත කෙරුණු අතර, ඔහු සුවය ලබා මේ වනවිට රෝහලින් පිටව ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් අභ්‍යන්තර විමර්ශනයක් ද ක්‍රියාත්මකයි.

 

views

769 Views

Comments

arrow-up