බුලත් විට කෑම සහ විකිණීම තහනම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

බුලත් විට කෑම සහ විකිණීම තහනම් කෙරේ

බුලත් විට කෑම සහ විකිණීම තහනම් කෙරේ

නල්ලතන්නියේ සිට ශ්‍රී පාදය උඩමළුව දක්වා බුලත්විට අළෙවි කිරීම සහ බුලත්විට කෑම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් තීරණය කර තිබෙනවා. 

 


මෙවැනි තීරණයක් ගැනීමට හේතුවී ඇත්තේ බුලත් කෙළ ගැසීම හේතුවෙන් ශ්‍රී පාද පුදබිම අපවිත‍්‍රවීම සහ බුලත්විට කෑමෙන් පිළිකා රෝග ඇතිවීමේ අවදානමක් පැවතීම හේතුවෙන්. 

 


ශ්‍රී පාද පුදබිම පිරිසිදුව තබාගැනීමේ අරමුණින් මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී සියළු දෙනාගේ එකඟතාව මත මෙවැනි තීරණයක් ගත් බවයි නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී ජී එච් එස් ගෝදාපතිරණ සදහන් කළේ. 

 


කෙසේවෙතත් නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩමළුව දක්වා ඇති වෙළදසැල්වල ඔසුවිට නමින් විටක් අළෙවි කරන බව ශ්‍රී පාද වන්දනාකරුවන් සදහන් කළා.   

 

views

10789 Views

Comments

arrow-up