තරුණ වෛද්‍යවරයාගේ මරණයෙන්වත් වත්මන් අවදානම අවබෝධ කරගත යුතුයි - GMOA

කොරෝනා ආසාදිත ජීවිතක්ෂයට පත්වූ වෛද්‍ය ගයාන් දයාරත්න මහතාගේ වියෝවෙන් පසුව කළ යුත්තේ දැන්වත් අවදානම් තත්ත්වය වඩාත් නිවැරදිව අවබෝධ කරගෙන ක්‍රියා කිරීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී අද විපක්ෂයට පත්වූ තරුණ වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් සංවේගය පළකිරීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව කියා සිටියා.
"විශේෂයෙන්ම රටක් විදිහට කොවිඩ් සම්බන්ධයෙන් ඉතාමත් අවදානම් තැනකට ගමන් කරමින් තියෙනවායි කියන එක පහුගිය මාස දෙක තුනක ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට අඛණ්ඩව අවධාරණය කළා. සමහර දේවල් බලධාරීන්ගේ කනට ගියා. සමහර දේවල් වලට ක්‍රියාත්මක වුණා අපි රටක් විදිහට. තවත් සමහර දේවල් අපිටඅතපසු වුණා. සමහර විට අපි ඒ දේවල් සම්බන්ධයෙන් හරි අවධානය යොමු කළේ නැහැයි කියන එක මේ ගයාන්ගේ මරණය වගේම ඉදිරියේදී සිද්ධ වෙන්නේ නියමිත දේවල්.. විශේෂයෙන්ම රෝගීන් සංඛ්‍යාව සාමාන්‍ය ඉහළ යාම හා වැඩිවීම හරහා අපිට පැහැදිලි වන දේ... මාසෙකට කලින් අපි රෝගීන් 500 දෛනිකව වාර්තා වෙච්ච ප්‍රමාණය අද වෙනකොට රෝගීන් 800, 900 සීමාව දක්වා පිටි පිට දවස් 5ක් එක දිගට රෝගීන් 800 ට වැඩියෙන් වාර්තා වුණා. එතකොට අපි මේ කොහෙටද ගමන් කරමින් ඉන්නෙ. එතකොට මේ තත්ත්වය අපිට අභියෝගයක් වී හමාරයි. ඒත් අපි තාමත් විශ්වාස කරනවා මේ තත්ත්වය අපට ජය ගත හැකි අභියෝගයක් කියලා. එතකොට ගයාන්ගේ මරණය හරහා අපි කළ යුතු දේ තමයි ඒ අභියෝගය වඩා නිවැරදි ලෙස ජය ගැනීම සඳහා ඒ කියන්නේ අපි තවදුරටත් මේ වගේ මරණ සිදු වෙන එක වලක්වා ගනිමින් මාජය තුළ වූ රෝග ව්‍යාප්තිය පාලනය කරමින් ඉදිරියට ගමන් කිරීම සඳහා මේ මොහොතෙදී රටක් විදියට කොහොමද හිතන්නේ කියන කාරණය සම්බන්ධව මීට වඩා සංවේදී විදිහට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එක විදිහට හිතන්න අපිට යම් උත්තේජනයක් මේ හරහා ලැබුණොත් ඒක තමයි අපිට ගණන් වෙනුවෙන් ඒ මොහොතේ කළ හැකි හොඳම දේ..."
721 Views
Comments