මහර ගැටුමේදී රැඳවියන් 11 දෙනාම මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් එකොළොස් දෙනා ම වෙඩි වැදීමෙන් මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.
මීට පෙර රැඳවියන් අට දෙනකු වෙඩි වැදීම හේතුවෙන් මියගිය බව අනාවරණය වී තිබූ අතර අනිකුත් රැඳවියන්ගේ මරණවලට හේතුව වෙඩි වැදීම් බව අද දිනයේ දී පංච පුද්ගල විද්වත් කමිටුව අධිකරණයට දන්වා සිටියා.
පසුගිය නොවැම්බර් 29 වනදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් රැඳවියන්ගේ නොසන්සුන්තාවය පාලනය කිරීමට හා රැඳවියන් පළා යාමට උත්සාහ කිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
551 Views
Comments