ශ්‍රී ලංකාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් පිළිබඳ ලද බුද්ධි තොරතුරින් පසු ඉන්දියාව ආරක්ෂාව තර කරයි

ආයුධ සන්නද්ධ පිරිසක් ලංකාවේ සිට ඉන්දියාව වෙත ඇතුල් වීමට උත්සාහ දරන බවට බුද්ධි අංශ වලින් අනාවරණය වීමත් සමඟ තම ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට තමිල්නාඩු පොලීසිය තීරණය කර තිබේ.
මෙලෙස ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුල් වීමට බලාපොරොත්තුවෙන් සිටින බවට පසුගිය සෙනසුරාදා එරට බුද්ධි අංශ විසින් අනතුරු ඇගවීමක් නිකුත් කළා. එම අනතුරු ඇගවීමට පසු තූත්තුකුඩි, කන්‍යාකුමාරි, රාමේෂ්වරන් මෙන්ම චෙන්නායි නගරයේ ද ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුනා
මෙම කණ්ඩායම කවුරුන්ද යන්න පිළිබඳව තවමත් හරිහැටි අනාවරණය වී නොමැත. ඔවුන් බෝට්ටුවක් මගින් රාමේෂ්වරන් වෙරළ දෙසට ගමන් කර ඇති බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගැනුණි.
973 Views
Comments