අජිත් ප්‍රසන්න ඇප මත මුදාහරී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

අජිත් ප්‍රසන්න ඇප මත මුදාහරී

අජිත් ප්‍රසන්න ඇප මත මුදාහරී

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

 

ඒ අනුව සැකකාර අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කළ අභියාචනාධිකරණය සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කරන ලෙස ද නියෝග කෙරිණි.

 

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියා

 

 

views

634 Views

Comments

arrow-up