උණ තියෙන අයට ඡන්දෙ දෙන්න වෙනම වෙලාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

උණ තියෙන අයට ඡන්දෙ දෙන්න වෙනම වෙලාවක්

උණ තියෙන අයට ඡන්දෙ දෙන්න වෙනම වෙලාවක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහාම සෞඛ්‍ය නිලධාරියෙකු බැගින් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

 

මාධ්‍ය හමුවක් කැඳවමින් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසුවේ උණ සහිත රෝගීන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවසන් පැය තුළ පැමිණිය යුතු බවටද නිර්දේශ ලබාදී ඇති බවයි.


මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සම්පාදනය කළ කොරෝනා වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය හෙට මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතයි.

 

සමාජ දුරස්ථභාවය රැක ගනිමින් නිරෝධායන නීතිවලට අනුකූලව ජනතාව තවදුරටත් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කර සිටින්නේ.

 

views

761 Views

Comments

arrow-up