බස් ගාස්තු වැඩි කරන්න වෙනවා- ගැමුණූ

බස් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලුවලට රජය කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ජුලි මස පළමු වැනි දින සිට බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ආසන ප්‍රමාණයට මගීන් ගෙනයාම මගින් මේ වන විට බස් කර්මාන්තය පාඩු ලබමින් පවතින බවයි.
කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා මෙම අදහස් පල කළේය.
කෙසේවෙතත් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ රටේ පවතින තත්ත්වය හමුවේ බස් ගාස්තු ඉහළ දැමීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.
794 Views
Comments