ලංකාවේ සිටින ඇමරිකානුවන් මව්රට යන්න සූදානම් වන්න – ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය දැනුම් දෙයි

යළි සිය රට බලා යාමට සූදානම් වන ලෙස මෙරට ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ සිටින ඇමරිකානු වැසියන්ට දැනුම් දී ඇත.
ඇමරිකානු තානාපතිවරිය සිය ට්විටර් ගිණුම ඔස්සේ මෙම ඉල්ලීම සිදු කරන්නේ ශ්‍රී ලංකවේ මෙන්ම මාලදිවයිනේද සංචාරය සඳහා පැමිණ සිටින ඇමරිකානු වැසියන්ගෙනි.
සුන්දර රටක් වන ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටින ඇමරිකානු වැසියන්ට විශේෂ පණිවුඩයක් ලබාදීමට තමන්ට සිදුව ඇතැයි පවසන තානාපතිවරිය යළි නිවෙස් වෙත යාමට ඇමරිකානුවන්ට අවස්ථාව ඇති බව කියා සිටී.
938 Views
Comments