කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න යුද හමුදාවෙන් අලුත් රෝහලක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න යුද හමුදාවෙන් අලුත් රෝහලක්

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න යුද හමුදාවෙන් අලුත් රෝහලක්

දිනෙන් දින කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා නව රෝහලක් ඉදිකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. ඊට හේතු වී ඇත්තේ දැනට භාවිතා කරන IDH රෝහලේ පවතින පහසුකම් රෝගීන් සීමිත ප්‍රමාණයක් සඳහා පමණක් ප්‍රමාණවත් වීම හේතුවෙනි.

 

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වැලිකන්ද ප්‍රදේශයේ විශේෂ රෝහලක් ඉදිකිරීමට නියමිත අතර එම ඉදිකිරීම් ඊයේ සිට ආරම්භ කර තිබේ. එම සියලු කටයුතු සිදුවන්නේ යුද හමුදාවේ මැදිහත්වීම මතයි.

 

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ රෝගීන් 44 දෙනෙකුට ප්‍රමාණවත් නවීන පහසුකම්වලින් සමන්විතව මෙම රෝහල ඉදිකරන බවයි.

 

මෙම ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට නියමිත අතර ඒ අනුව ඉදිරියේදී හමුවන ආසාදිතයන් මෙම රෝහල වෙත ඇතුළත් කිරීමට නියමිතය.

views

845 Views

Comments

arrow-up