වවුනියාවේ ප්‍රදේශයකට සංචරණ සීමා පැනවේ

වවුනියාව පට්ටානිචූර් ගම්මානයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන අදාල සරසවි සිසුවා කිලිනොච්චියේ පිහිටි ඉංජිනේරු පීඨයට ගිය අවස්ථාවේදී සිදුකල පී.සී.ආර්. පරික්ෂණයකදී කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඔහුගේ පවුලේ සාමාජිකයින්ද සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයන්ගෙන් සිසුවාගේ 28 හැවිරිදි වැඩිමල් සහෝදරියටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා
මේ හේතුවෙන් අදාල සිසුවා පදිංචි වව්නියාව පට්ටානිචූර් පළමු වන පටුමග ඇතුලු දෙවන, තුන්වන, සව්වන, පස්වන සහ හයවන පටුමග යන මාර්ගයන්ට සංචරණ සීමා පනවා ඇත.
750 Views
Comments