මාවනැල්ලේ බෞද්ධ මන්දිරයකට ප්‍රහාරයක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

මාවනැල්ලේ බෞද්ධ මන්දිරයකට ප්‍රහාරයක් (PHOTOS)

මාවනැල්ලේ බෞද්ධ මන්දිරයකට ප්‍රහාරයක් (PHOTOS)

මාවනැල්ල හිගුල ප‍්‍රදේශයේ පිහිටි බෞද්ධ මන්දිරයකට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පොලිසිය සඳහන් කරන්නේ ඉදිපස විදුරුවකට ඊයේ (28) අළුයම එල්ල වූ ප්‍රහාරයකින් අලාභාහනි සිදු වි ඇති බවයි.

 

මෙම පහර දිම කිසියම් පිරිසක් විසින් සිදු කරන්නට අතැයි පොලිසිය සැක පහල කර සිටියි.

 

මිට වසර දෙකකට පෙරද මෙම බුදු මැදුරට පහර දි අලාභානි සිදු කර තිබු අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා මාවනැල්ල පොලිසිය විසින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇත.

 

මාවනැල්ල පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර මිට දින කිහිපයකට පෙර මාවනැල්ල ප්‍රදේශයේ ගල් කොරියක නැතිවූ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකරනු ලබනවා.

 

 

 

views

1036 Views

Comments

arrow-up