එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය අද (28) රැස් වේ. 

 

අද පස්වරු 03.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිතයි. 

 

මහ මැතිවරණයේ දීසමගි ජන බලවේගය සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේද යන්න පිළිබඳ සහ සමගි ජන බලවේගයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත කර ඇති ආරාධනය පිළිබඳව එහිදි සාකච්ඡා කරන බව වාර්තා වේ. 

 

සමඟි ජන බලවේගය මාර්තු මස 02 වනදා මැතිවරණ මෙහෙයුම් කටයුතු නිළ වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. 

 

සමඟි ජන බලවේගයේ ලකුණ පිළිබඳව අවසන් තීරණයක් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ගැනීමට එම සන්ධානය තීරණය කර ඇත. 

 

 

views

738 Views

Comments

arrow-up