මහජන ආරක්ෂාවට හමුදාව කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

මහජන ආරක්ෂාවට හමුදාව කැඳවයි

මහජන ආරක්ෂාවට  හමුදාව කැඳවයි

දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරී කටයුතුවල දීම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයින් කැඳවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කර ඇත. 

 

 

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා .

 


දිස්ත්‍රික්ක 25ටම අදාළව සන්නද්ධ හමුදා සාමාජිකයින් කැඳවීමට මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් බලය ලබා දී තිබේනවා .

 


පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් පනවන ලද හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජන ආරක්ෂා ආඥා පනත යටතේ ජනාධිපතිවරයා ඇති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මහජන සාමය පත්වාගෙන යාම සඳහා යුද, නාවික සහ ගුවන් හමුද සන්නද්ධ සාමාජිකයන් කැඳවීමේ බලය ලබා දී ඇත.  

 


මේ අතර එළඹෙන නත්තල වෙනුවෙන් සියලු කතෝලික දේවස්ථාන වෙත ආරක්ෂාව ලබා දෙන ලෙස අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් පියතුමන් රජයෙන් හා සියලු ආරක්ෂක අංශවලින් ඉල්ලීමක්ද කර තිබේ. 
 

views

1132 Views

Comments

arrow-up