73 වන ජාතික නිදහස් සමරු උළෙල අභිමානවත්ව සැමරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

73 වන ජාතික නිදහස් සමරු උළෙල අභිමානවත්ව සැමරෙයි

73 වන ජාතික නිදහස් සමරු උළෙල අභිමානවත්ව සැමරෙයි

 බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලාංකික ජනතාව නිදහස ලබා අදට වසර හැත්තෑ තුනක් සපිරෙනවා.

 

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද මෙවර 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල නිදහස් චතුරස්‍ර පරිශ්‍ර යේ දී පැවැත්වෙනවා.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව උළෙලේ ජාතික ධජය එසවීම සහ ජාතික ගීය ගායනය කිරීම සිදුවුණා.

 

ඉන්පසුව උතුම් ආචාර වෙඩිමුර විසිඑකක් පිරිනැමීම ද මෙහිදී සිදු වුණා. ත්‍රිවිධ හමුදා උත්තමාචාර පෙළපාලිය යුධ හමුදා භට පිරිස් 3153ක් නාවික හමුදා භට පිරිස් 821ක් ගුවන් හමුදා භට පිරිස් 742ක් සහ පොලිස් භට පිරිස් 510ක් සහ සිවිල් ආරක්ෂක බලකායේ භට පිරිස් 457 දෙනෙකුගෙන් සමන්විත ව මේ වන විට පැවැත්වෙනවා.

 

ඉන් අනතුරුව නර්තන සහ වාදන ශිල්පීන් 340 ක සහභාගිත්වයෙන් සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව 73වන ජාතික නිදහස් සමරු උළෙල නිමාවට පත්වනු ඇති.

views

611 Views

Comments

arrow-up