දෙනුවර මැණිකේ හෙට සිට ධාවනය අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

දෙනුවර මැණිකේ හෙට සිට ධාවනය අත්හිටුවයි

දෙනුවර මැණිකේ හෙට සිට ධාවනය අත්හිටුවයි

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රියේ ගමන් කරන  මගින් අවම වීම නිසා නැවත දැනුම් දෙන තුරු ධාවනය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 

මෙම දුම්රිය ගමන් කිරීමට කලින් ආසන වෙන්කර ගන්නා ලද මගින් සඳහා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය මගින් ගමන් පහසුකම් සලසා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

 

ඒ අනුව හෙට (28) සිට පෙබරවාරි එකොළොස් වන දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය පෙරවරු 6.30 ට ගමන් ආරම්භ කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

views

601 Views

Comments

arrow-up