කොරෝනා පාලනය කල හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාව

කොරෝනා වෛරසය වඩාත් පලදායි ලෙස පාලනය කළ ලෝකයේ හොදම රට ලෙස නවසීලන්තය ඉදිරියෙන්ම සිටින බවට නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ශ්‍රී ලංකාව පසුවන්නේ 10 වන ස්ථානයේයි.
ඕස්ට්‍රේලියාවේ ලෝවී ආයතනය විසින් කොරෝනා ව්‍යාප්තව රටවල් 100 ක් සම්බන්ධයෙන් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව හා PCR පරීක්ෂණ සිදුකිරීමේ අනුපාතය පිළිබද සිදුකළ දත්ත රැස්කිරීම අනුව එම වර්ගීකරණය සිදුකර තිබෙනවා.
ඒ අනුව එම ලයිස්තුවේ පළමු ස්ථානයට නවසීලන්තය පත්ව ඇති අතර වියට්නාමය, තායිවානය සහ තායිලන්තය පිළිවෙලින් දෙවන, තෙවන සහ සිව්වෙනි ස්ථානය හිමිකර ගෙන ඇත. වෛරසය පාලනය කිරීමට ප්‍රබල ලෙස කටයුතු ඕස්ට්‍රේලියාව එම ලයිස්තුවේ 08 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 10 වන ස්ථානයේයි.
කොරෝනා වෛරසයෙන් දැඩි ලෙස බලපෑම් එල්ලවී තිබෙන අමෙරිකා එක්සත් ජනපදය ලයිස්තුවේ 94 වන ස්ථානයේ රැඳී සිටින අතර ඉන්දුනීසියාව සහ ඉන්දියාව පිළිවෙලින් 85 සහ 86 යන ස්ථානයේ පසුවේ.
වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වන කරුණු ප්‍රසිද්ධ නොකිරීම හේතුවෙන් චීනය මෙම සමීක්ෂණය සඳහා අන්තර්ගත කොට නොමැති බවයි ලෝවී ආයතනය පවසන්නේ.
686 Views
Comments